සිංහල නිසඳැස්
Saturday, November 19, 2011
එක තරුවක
එ
ක තරුවක
එක වරුවක
කඳුලු අතර මා සිටියා
නු
ඔ දවසක
හැම සවසක
මා රිදවු බව හැඟැනා
නු
මුදු දිනක
නුඔ මතුදින
සතුට අරන්
එයි සිතුනා............
නෑ
එන්නෑ
නුඔ එන්නෑ
හෙලන සුසුම්
මට කිවා...............
Monday, October 24, 2011
ඔබේ ලොවට කිරණ වෙලා
ඔබේ ලොවට කිරණ
වෙලා
නිල් අහසේ ඉර
වෙන්නම්
ඔබේ ලොවට එළිය
වෙලා
රෑ අහසේ සඳ
වෙන්නම්
ඔබේ ලොවට සුවඳ
වෙලා
සුවඳ හදන මල
වෙන්නම්
මගේ දිවිය තියනතුරා
සැමදාමත් ලඟ ඉන්නම්
……………
POEM BY TJ
Sunday, October 16, 2011
අඳුරු අහසක
අ
ඳු
රු අහසක අඳුර අඩුකර
පිපුනු ලස්සන තනි තරුව නුඹ
…..
ගයා නිමකල සොඳුරු ගීයේ
ජීවමය වූ ස්වර ගෙතුම නුඹය
…..
ඔය සුවිසල් පෙම් සයුරේ
සදාකලික පෙමය නුඔ
…..
මතක එක් කල මගෙ කවියේ
අර්ථවත් වූ පද ගෙතුම නුඹය
……..
Thathsara
නොහැකි මුන්…..
නොහැකි මුන්
…..
නුඹට සමු දෙන්නට
…..
නුඹ මට සමුදුන් නිසවෙන්
…..
සමුගෙන යා යුතුව ඇත
…..
නුඹ මගේ සුළැගිල්ල
…..
දොතින්ම බදාගෙන
…..
මුතු සිහින පොද වැටෙන
…..
නිසොල්මන් වෙලාවක
…..
ඒ පුංචි කුඩේ යට
…..
සෙනෙහසින් වෙලි ගෙන
…..
ආදර මාවතේ
…..
තැබු මුදු පිය සටහන්
…..
මැකී ගියහිද
?…..
මකා දැමුවෙද
?…..
නොදනිමි
…………………..
thathsara
දොවා සියොලග සෙනහසින් නුඹ
මිහිරි ආදර සුව ගෙනෙන්නම්
රැයේ පිපි සොඳ කුමුදු මල් ගෙන
නුඹේ ලය මත ඉහිරවන්නම්
දොලේ නැගි පෙන බුබුලු කැටි ගෙන
නුඹේ කම්මුල් පෙති තෙමන්නම්
මගේ සොදුරිය නිදන යහනත
සිහින මල්
විකසිත කරන්නම්
thathsara
කඳුලක් ගලා විත්
කඳුලක් ගලා විත්
නේත් කොනින් ගිලිහෙද්දී
……
කඳුල සගවාගෙන
සිනාසෙන්න වෙර දරන
ඔය දෑස් දුටු විට
……
සගවන්නට බැහැ සොඳුර
නුඹත් මට ආදරේ බව
මැවු සිහින බොදව යද්දී
…….
හිතේ දුක සඟවා ගෙන
සිනාසෙන ඇස් වලට
ඉඩදෙන්න මොහොතකට
…….
රුව දැක ගන්න
thathsara
Home
Subscribe to:
Comments (Atom)