Monday, October 24, 2011

ඔබේ ලොවට කිරණ වෙලා

ඔබේ ලොවට කිරණ
වෙලා
නිල් අහසේ ඉර
වෙන්නම්
ඔබේ ලොවට එළිය
වෙලා
රෑ අහසේ සඳ
වෙන්නම්
ඔබේ ලොවට සුවඳ
වෙලා
සුවඳ හදන මල
වෙන්නම්
මගේ දිවිය තියනතුරා
සැමදාමත් ලඟ ඉන්නම්……………

POEM BY TJ


Sunday, October 16, 2011

අඳුරු අහසක

ඳුරු අහසක අඳුර අඩුකර
පිපුනු ලස්සන තනි තරුව නුඹ…..

ගයා නිමකල සොඳුරු ගීයේ
ජීවමය වූ ස්වර ගෙතුම නුඹය…..






ඔය සුවිසල් පෙම් සයුරේ
සදාකලික පෙමය නුඔ…..

මතක එක් කල මගෙ කවියේ
අර්ථවත් වූ පද ගෙතුම නුඹය……..


Thathsara­

නොහැකි මුන්…..

නොහැකි මුන්…..
නුඹට සමු දෙන්නට…..
නුඹ මට සමුදුන් නිසවෙන්…..
සමුගෙන යා යුතුව ඇත…..
නුඹ මගේ සුළැගිල්ල…..
දොතින්ම බදාගෙන…..
මුතු සිහින පොද වැටෙන…..
නිසොල්මන් වෙලාවක…..
ඒ පුංචි කුඩේ යට …..
සෙනෙහසින් වෙලි ගෙන…..
ආදර මාවතේ…..
තැබු මුදු පිය සටහන්…..
මැකී ගියහිද?…..
මකා දැමුවෙද?…..
නොදනිමි…………………..


thathsara
දොවා සියොලග සෙනහසින් නුඹ
මිහිරි ආදර සුව ගෙනෙන්නම්
රැයේ පිපි සොඳ කුමුදු මල් ගෙන
නු‍ඹේ ලය මත ඉහිරවන්නම්
දොලේ නැගි පෙන බුබුලු කැටි ගෙන
නුඹේ කම්මුල් පෙති තෙමන්නම්
මගේ සොදුරිය නිදන යහනත
සිහින මල්
විකසිත කරන්නම් 

thathsara

කඳුලක් ගලා විත්

කඳුලක් ගලා විත්
නේත් කොනින් ගිලිහෙද්දී……
කඳුල සගවාගෙන
සිනාසෙන්න වෙර දරන
ඔය දෑස් දුටු විට……
සගවන්නට බැහැ සොඳුර
නුඹත් මට ආදරේ බව
මැවු සිහින බොදව යද්දී…….
හිතේ දුක සඟවා ගෙන
සිනාසෙන ඇස් වලට
ඉඩදෙන්න මොහොතකට…….
රුව දැක ගන්න

thathsara